Saturday, November 10, 2018

සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (7)

අද අපි  බලමු ගුණිතයක් සහ ලබ්ධියක් එහෙමත් නැත්නම් බෙදීමක් අවකලනය කරන හැටි  මුලින්ම ගුණිතයක් ගැන බලමු. සාධාරණ විදියට මෙහෙම කියන්න පුලුවන්.... thumbnail 1 summary
අද අපි  බලමු ගුණිතයක් සහ ලබ්ධියක් එහෙමත් නැත්නම් බෙදීමක් අවකලනය කරන හැටි 

මුලින්ම ගුණිතයක් ගැන බලමු.

සාධාරණ විදියට මෙහෙම කියන්න පුලුවන්. 

(පලවෙනි පදය) X (දෙවන පදයේ අවකලන සංගුනකය)   +  (දෙවන පදය)X (පලවෙනි පදයේ අවකලන සංගුනකය)

Y = xy කියන ගුණිතය ගත්තොත්,

dy/dx = x. dy/dx + y (1) විදියට අවකලනය ඉදිරිපත් කරන්න පුලුවන්.

තේරුණේ නෑ වගේද? මෙහෙමයි. මෙතන තියෙන්නෙ රටාවක්. බලන්නකො හොඳට.

පලවෙනි පදය X වාරයක් දෙවන පදය y ගේ අවකලනය කියන ප්‍රකාශනය + ලකුණින් වම් පැත්තෙ තියෙනවා. + ලකුණින් දකුණු පැත්තෙ තියෙන්නෙ දෙවන පදය y වාරයක් x හි අවකලනය 1. 

දැන් ලබ්ධියක අවකලනය බලමු.

Y = x/y සමීකරණය ගනිමු.

මෙය, පහත විදියට ලියන්න පුලුවන්.

 






ඒ කියන්නේ.. බෙදීමෙන් උඩ තියෙන්නෙ යටින් තියෙන පදය වාරයක් උඩින් තියෙන පදයේ අවකලන සංගුනකය - උඩින් තියෙන පදය වාරයක් යටින් තියෙන පදයේ අවකලන සංගුනකයයි.බෙදීමෙන් යට තියෙන්නේ යටින් තියෙන පදයේ වර්ගයයි..

ඔන්න ඔහොමයි ගුණිතයක අවකලනය සහ ලබ්ධියක අවකලනය ලබාගන්නෙ... :) :)

මොකක් හරි ගැටලුවක් නම් කමෙන්ට් එකක් කොටාගෙන යන්න ඔහොමම.. :) 

 

 

 

මීළඟට බලන්න...    සීමාව සහ අවකලනය පහසුවෙන් ඉක්මණින්.. (08)

 

 

8 comments